ටුවිටර් ෆුල් සය්ට් එකට සාමාන්ය පෝන් එකකින් යන්න.

අපි ගොඩ දෙනෙක්ට ඈන්ඩ්රොය්ඩ්, අය් පෝන් නැනෙ. මට තියෙන්නෙත් සාමාන්ය 3G පෝන් (W910i) එකක්. ඒ නිසා ටුවිටර් ඈප් එක මගෙ පෝන් එකට දා ගන්න බෑ.
මගෙ එකම පිහිට මොබය්ල් සය්ට් එක තමා. ඒත් මොබය්ල් සය්ට් කරන්න පුලුවන්, ටුවිට් දාන්න විතරය්. පොටෝ එකක් අප්ලෝඩ් කරන්නවත් ටුවිටර් මොබය්ල් සය්ට් එකෙන් බෑ. අඩුම ගානෙ ප්රෝෆය්ල් පොටෝ එකවත් මාරු කරන්න බෑ..

ඒත් පහල තියෙන ලින්ක් එකට ඔපෙරා මිනි, යු.සි වගෙ බ්රවුසරේකින් ගියොත් ටුවිටර් ෆුල් සය්ට් එකට පෝන් එකෙන්ම යන්න පුලුවන්..
http://mobile.twitter.com/settings/change_ui

ෆේස් බුකියේ නම දින 60කට පෙර වෙනස් කරගන්න.

ෆේස්බුක් යන අයට තියෙන ගැටලුවක් තමය්, වතාවක් නම වෙනස් කලාම ආයෙත් නම වෙනස් කරන්න දවස් හැටක් බලාගෙන ඉන්න වෙනවා කියන එක..

මේ ගැටලුවෙන් මිදෙන්න ලින්ක් දෙකක් තියෙනවා.

1. කලින් තිබ්බ නම දාගන්න පුලුවන් මේ ලින්ක් එකෙන්.
ඔයාට මේ ලින්ක් එකට ගියාම අනිවාර්යෙන්ම ඔයාගෙ පාස්වර්ඩ් එක වෙනස් කරන්නත් වෙනවා. ඉන්පස්සෙ කලින් තිබ්බු නමක් ඔයාට තෝරගන්න පුලුවන්.

මෙන්න ලින්ක් එක
http://www.facebook.com/hacked

2. මේතනෙදි ඔයාට අලුත්ම නමක් දාගන්න පුලුවන්.
උඩින්ම ඔයාගෙ නම දාලා, ඒට පහල කොටුවෙන් ඔයා නම වෙනස් කරන හේතුව තෝරගන්න. පහලම තියෙන කොටුවට ඔයාගෙ හැදුනුම් පතක පොටෝ එකක් අප්ලෝඩ් කරන්න..

මෙන්න ඒකට ඕන ලින්ක් එක
https://m.facebook.com/help/contact/245617802141709

මේ වැඩෙ මොකක් හරි අවදානමක් තියෙන්න පුලුවන්, ඔයාගෙ ෆේස්බුක් ගිණුමට මේකෙන් බලපෑමක් වෙන්නත් පුලුවන් , ඒක තම තමන් බාර ගත යුතු බව සලකාගන්න, හරිය..

ඉන්ටර්නෙට් නැතුව දවසකට රුපියලකින් ෆේස්බුක් යන්න.

සාමන්යෙන් ෆේස්බුක් එකට යන්න gprs තියෙන පෝන් එකක්වත් ඔනා වෙනවනෙ.. ඒ විතරක් නෙමෙය් gprs වලටත් සල්ලි අය කරනවනෙ.
නමුත් ඕනෙම දුරකථනයකින් *325# අමතලා ෆේස්බුක් වෙත පිවිසෙන්න පුලුවන්. ඔයාට තියෙන්නෙ නොකියා 1100 වගෙ පෝන් එකක් උනත් මේ ක්රමයෙන් ෆේස්බුක් එකට යන්න පුලුවන්..

මේ සදහා දවසටම රුපියලය් සත 30ක් විතර තමා අය වෙන්නෙ.

ඕන තරම් මැසේජ් යවන්න, කමෙන්ට් දාන්න පුලුවන්, නමුත් පින්තුර බලා ගන්නනම් මේ ක්රමයෙන් බෑ.

විනෝදයට තේරවිලි

1. හිල් ගොඩක් තිබිලත් වතුර ගොඩක් රැස්කරගත හැකි ඹාන්ඩය කුමක්ද?
(ස්පොන්ච් එක)

2. මගෙ හම ගැහුවට මට ඈඩෙන්නෙ නැ, ඒත් ඔබට ඈඩෙනවා මම කවුද?
(ලූනු)

3. කාට හරි දෙනකම් රැක ගන්න බැරි දේ කුමක්ද?
(පොරොන්දුව)

4. අඩියක් තිබුනට කකුලක් නැති සතා කවුද?
(ගොලුබෙල්ලා)

5. පැත්තකට වෙලා ලොව වටා, රට වටාම යන්නෙ කුමක්ද?
(මුද්දරය)

6. නම කියු පමනින් බිදී යන්නෙ කුමක්ද?
(නිහඩතාව)

7. ගුරුවරයා, ග්රාම සේවක, පොලිස් නිලදාරියා යන අයගෙන් ලොකුම හිස් වැස්සුම පලදින්නෙ කවුද?
(ලොකුම ඔලුව තියෙන කෙනා)

රට මාලු, ජෝඩුවම තිහය්.

 

පොඩි කාලෙ ඉදන් මටය්, යාලුවො දෙතුන් දෙනෙකුටය් උනක් තිබ්බා මාලු ඈති කරන්න. ඒක හොදටම වැඩි වෙන්නෙ වැහි කාලෙට. පාරවල් දිගෙ යන වතුර පාරවල් වලට බැහැලා දන්ඩි පැටව්, නල හදය් අල්ලලා බොතල් වලට දානවා. දාලා උන් දිහා බලන් ඉදලා අමුතුම සතුටක් ලබනවා.
අපි මාලු පැටව් අල්ලනවා බලන් ඉදලා අනිත් උනුත් එනවා මාලු අල්ලන්න. එතකොට තමා අච්චිට හාල් ගරන්න හිතෙන්නෙ. ”අය් යකෝ අපි අපූරුවට කොරන බිසිනොස් එකට එක එකාලා මැද්දට පය්නකොට…”

”හැමදාම මේක ඉවසන්නත් බෑනෙ අපි වෙන කොහාට හරි ගිහින් මාලු අල්ලමු”

”යමු බන්, අපි වැලි වත්තට යමු. එහාට මුන් එන්නැනෙ, අපි තුන් දෙනා ගිහින් මුන්ට පේන්නත් එක්ක මාලු අල්ලන් එමු.”

ඔහොම කියලා ඔන්න මමය්, සලිතයය්, විමුත්තියය් ගෝනි කෑල්ලකුය්, බොතලේකුය් අරන් වැලි වත්තට ගියා. (ගෝනිය මාලු අල්ලන්න, බෝතලෙ මාලු දාගන්න හරිය)

ඔහොම ගිහින් වලකට බැහැලා අපි මාලු අල්ලනවා.

විමුත්තියා: ”අඩේ මෙ බලපල්ලා මේ, රට මාලු ගොඩය් බන්”

ඔව්මය් දෙය්හාමුදුරුවනේ, රතු පාට මාලු රොත්තක් ඉන්නවා.

දන්න සෙල්ලන් දාලා මාලු සීයක් විතර අල්ලගෙන බෝතලෙට දාගත්තා.
මාලුන්ටත් ඉන්න අමාරුය් වගෙ ඉඩත් නෑ. හරියට ප්රය්වට් බස් එකක් වගෙ. මාලු බෝතලෙන් එකය්.

සලිතයා: ”මේ, උබලා දෙන්නා, මෙතන රට මාලු ඉන්නවා කියලා කාටවත් කියනවා එහෙම නෙමෙය් හරිද”

මම: ”පිස්සුද බන්, අනිතුන්ට කිව්වොත් උන් මෙතනටත් එය්, අඩෙ මෙ.. මෙ මාලු කොහෙන්ද බන් මෙ වලට ආවේ”

විමුත්තියා: ”වැස්සට කාගෙ හරි මාලු ටැන්කියකින් ගහගෙන ඈවිත් මෙතන බෝවෙන්න ඈති. හොදට ඉඩතියෙනවනෙ මෙතන”

මම: ”ඔව් මෙතන පාසිත් තියෙනවනෙ කන්ඩ”

සලිතයා: ” මේ, අපි මුන්ව විකුනමුද බන්”

විමුත්තියා: ”අන්න වැඩෙ, අපි කාෆ් පැටව් කියලා මුන්ව විකුනමු. ජෝඩුවක් තිහ ගානෙ දෙමු”

මම: ”මුන් කාෆ් තමා බන් බලපන්කො රතු පාට, තිහ ගානෙ දුන්නාම හැමෝම ගනිය්”

අපි කතාකරකර ගෙවල් ගාවටම ඈවිත්, අනිත් උන් තාම පාරට වෙලා මාලු පැටව් අල්ලනවා.
අඩේ මේහෙ වරෙල්ලා, අපි කාෆ් විකුනනවා, ජෝඩුවම තිහය් උබලත් ගනිල්ලා

කෝ, උබලාට කොහෙන්ද රට මාලු ඇල්ලුවෙ,කෝ පෙන්නපල්ලා,
අපෝ… පලයන් හු*තො යන්න ඔය ලූල් පැටව්, මුන් තුන්දෙනා මාලු අදුරන්නෙත් නැ බන්.. ගෙදර පලයල්ල..
..ඊ අඩේ උබලා අපිව අන්දන්න නේද හැදුවෙ, ඕන එකෙක් දන්නවා ඔය ලූල් පැටව් කියලා..
..මුන් තුන් දෙනා මාර කපටියො බන්, ලූල් පැටව් කාෆ්ලා කිය්ලා සල්ලි වලට විකුනන්න හදන්නෙ..

අපෙ මූනු ඇඩෙන්න ඔන්න මෙන්න, හිමින් සැරේ තුන් දෙනාම ගෙවල් වලට ගියා, තවත් එතන හිටියනම් උන් කියන එව්වා අහා අහා හිටියනම් වැලලෙන්න තමා වෙන්නෙ.

😦 😦 😦

අහස

අද උදේ තිබ්බෙ අදුරු අහසක්….
ඒත් දවල් වෙනකොට ඒ අහසම හිරු එලියෙන් ආලෝකමත් වුනා….
නොහිතපු විදිහට හවස් වරුවෙදි වහින්න ගත්තා….
දැන් ඒ අහසෙම තරුත් බබලනවා….

මිනිස්සුත් ඒ වගේම තමය්, විස්වාස කරන්න තරම් බැරි වෙගෙන් වෙනස් වෙනවා.